ලිඟුවේ ප්‍රමාණය ගැටළුවක්ද? (Sinhala)
ලිඟුවේ ප්‍රමාණය ගැන බොහෝ පිරිමි උනන්දුවෙනවා. ලිඟුව ලොකු කරගන්න සහ එසේ කිරීමේ ක්‍රම ගැන දැන ගැනීමට ඔවුන් ඉතා කැමතියි. ගැහැණු ලිංගික අවයවය වගේම පිරිමි ලිංගික අවයවය ගැනත් අප සමාජයේ වැඩිපුරම තිබෙන්නේ මිථ්‍යා මත. මෙම වැරදි අවබෝධයන් නිසා ලිඟුවේ ප්‍රමාණය ගැන විවිධ මත පළවෙනවා. ලිඟුවේ ප්‍රමාණය වෙනස් කිරීමට ගොස් නොයෙකුත් කරදර වල පැටලෙනවා. මානසික ගැටළු හදා ගන්නවා. මේ නිසා ලිංගික අත්දැකීම් නිසියාකාරයෙන් ලබන්නට නොහැකි වේ ද, ලිංගික තෘප්තිය ලබන්නට බැරි වේ ද, ගැහැණුන් සතුටු කිරීම වගේ දෙයක් මේ නිසා කළ හැකි ද? කියා ඔවුන් සිතනවා. ඇත්තටම ලිඟුවේ ප්‍රමාණය විය යුත්තේ කුමක්ද? ලිඟුවේ ප්‍රමාණය ඔබගේ ලිංගික ජීවිතය ට බලපානවද? මේ සඳහා ඇති බෙහෙත් මොනවාද? කියන කාරණා අද අපි කතා කරමු. එය අනුරාගය ගැන සොයන කුතුහලය ඇති ඔබ කාටත් ප්‍රයෝජනවත් දෙයක් වේවී. [AMZ-095-sin]