ජීව විද්‍යාත්මක ගැහැණු ලිංගික අවයවය (Sinhala)
ගැහැණු ලිංගික අවයවය යනු කුමක්ද? ජීව විද්‍යාත්මක ගැහැණු ලිංගික අවයවයක් කරන්නේ කුමක්ද? අනුරාගය ගැන සොයන කුතුහලය ඇති අප කාටත් ගැහැණු ලිංගික අවයවය වගේම අනෙකුත් ලිංගික අවයව ගැනත් මනා අවබෝධයක් තිබිය යුතුයි. ගැහැණු ලිංගික අවයවය සහ එහි ක්‍රියාකාරීත්වය නිසි ලෙස හඳුනාගෙන තිබීම ලිංගික අත්දැකීම් වෙනුවෙනුත් නිරෝගී ශරීර සෞඛ්‍යය වෙනුවෙනුත් වැදගත් දෙයක් වෙනවා. විශේෂයෙන්ම අප සමාජයේ ගැහැණු ලිංගික අවයවය ගැන වැඩිපුරම තිබෙන්නේ මිථ්‍යා මත සහ වැරදි අදහස්. ගැහැණු ලිංගික අවයවය ගැන නිවැරදි දැනුමක් නැති පිරිමින් පමණක් නොව ගැහැණුන් ද ඕනෑ තරම් සිටිනවා.